පුලියන්කුලමට ආයුධ ගෙනා කොටියා හොරෙන්ම ඉන්දියාවට පනී
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේ බෝම්බ බෑගයක් අතහැර පලාගිය කොටි සංවිධානයේ ප්‍රබලයකු ලෙස සැලකෙන ආනන්ද රාසා හොර රහසේ බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදින සවස මෙම සැකකරු පුලියන්කුලම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් දැක ඔහු රැගෙන ආ බෑගය දමා පලා ගිය අතර එය සෝදිසි කිරීමේදී එහි තිබී අත් බෝම්බ, ඩෙටනේටර්, කැලැ ඇඳුම්, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් සොයා ගත් අතර එම ජංගම දුරකථනය ඔස්සේ කළ විමර්ශන අනුව ඔහු සමග සම්බන්ධකම් පවත්වමින් යළි කොටි සංවිධානයට පණ දීමට තැත් කළ තවත් සැකකරුවන් 19 දෙනකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ආනන්ද රාසා යාපනයේ පදිංචි අයෙක් වන අතර ඔහු පුනරුත්තාපනය නොවූ කොටි සාමාජිකයකු බවටද හෙළිව ඇත.
මධුභාෂණ හේරත්