News

පෙට්‍රල් ආනයනය සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

ඔක්තෝබර් මස 1 වන දා සිට 2020 මැයි මස 31 වන දා දක්වා පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

1 වැනිදා සිට 2020 මැයි 31 වැනිදා දක්වා මාස 8ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් නව ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනැමීමට මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය කර ඇත.