News

“පේතායි” චණ්ඩ සුළි කුණාටුව නිසා වැසි නැතිවෙයි – සීතල වැඩිවෙයි

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “පේතායි” චණ්ඩ සුළි කුණාටුව අද උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 645 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසනවා.

මෙම පද්ධතිය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර දෙසැම්බර් මස 17 දින සන්ධ්‍යා කාලයේදී අන්ද්‍රා ප්‍රදේශ්වෙරළ තිරයෙන් ඉන්දියාවට ඇතුල්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

2018දෙසැම්බර් මස 18 දින තෙක් උතුරු දිග තමිල් නාඩු සහ අන්ද්‍රාප්‍රදේශ් ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.