News

දුම්රියක් පීලිපැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පොතුහැර සහ පොල්ගහවෙල අතරදී අද දහවල් දුම්රියක් පීලි පැන ඇත.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අතර පීලි පැනීමට ලක්ව ඇත්තේ කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකි.