News

පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කළ බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී 05 වැනි දා එක්වෙමිනි.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.