පොදුජන සන්ධානය බිහිකිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම ලබන 31
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම ලබන 31 වැනි දා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය සහය දක්වන දේශපාලන පක්ෂ රැසක් එම ගිවිසුම සඳහා අත්සන් තැබීමට නියමිතව ඇත.
ලබන අඟහරුවාදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
