පොදු ගැටලු දැනුම් දෙන්න පොලීසියෙන් දුරකථන අංක තුනක්
පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් ලබාදී තිබේ.
ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම් දිය හැකියි.
සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කරයි.
