පොරොත්තු ලේඛන වැඩිහිටි දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලයි
දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිහකට රුපියල් දෙදහස බැගින් ජ්‍යෙෂඨ පුරවැසි දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
මෙම දීමනාව මේ වන විටත් වැඩිහිටියන් හාරලක්ෂ දහසය දහස් හයසිය හැට හතකට ලබා දෙන බව කී ඇමැතිවරිය සියලුම දෙනාගේ දීමනාව රුපියල් දෙදහස් පන්සියය දක්වා ඉහළ දැමීම සඳහාද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි කීවාය.
එමෙන්ම වැඩිහිටියන්ට වන්දනා ගමන් සඳහා අඩු පොලියට ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරිය පැවැසුවාය.
ඇය මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී (සජබ) ගයන්ත කරුණාතිලක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අජිත් අලහකෝන්