News

පොලව යට වලලා තිබු එන්සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80 සමග සැකකරුවෙකු අද (08) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් බගවන්තලාව බ්‍රෙඩ්වෙල් වතුයායේ ඔහු පදිංචි නිවසේ ගෙවත්තක වලදමා තිබෙන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 80 ක අසුරා තිබුණි. ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින්පැවසුවේ.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍යය තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසිය.