News

පොලිස්පතිගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණයට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (14) පොලිස්පතිවරයාගෙන් ලබා ගත් කටහඬ සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් ඇති බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

පොලිස්පතිවරයා ඊයේ (14) උදෑසන 10.00 ට පමණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් කටහඬ සාම්පල ලබා ගත් බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන්නා.