Update : පොලිස්පති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙයි
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ටික වේලාවකට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබාදීමටයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විනාඩි 45ක පමණ කාලයක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ රැදී සිටියා.
අනතුරුව ඉන් පිටතට පැමිණි පොලිස්පතිවරයා මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබානොදීම එම ස්ථානයෙන් පිටව ගියා.
Update : 10.12 am
———————————————————————————————————————————-
පොලිස්පති අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව අද මෙම කැඳවීම සිදුකර තිබෙන්නේ.
අද උදෑසන 9.30ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ප්‍රථම අවස්ථාව මෙය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළ රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.