පොලිස්පති නාලක සිල්වා සමග කැලණි විහාරයට
ජනාධිපති මෛත්රී හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඝාතන කුමන්ත්රණය සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති ත්රස්ත විමර්ශන කොඨඨාශයේ හිටපු අධ්යක්ෂ නාලක සිල්වා පොලිස් තොරතුරු තාක්ෂණ කොඨඨාශයට මාරු කිරීමෙන් දැනට සිදු කරන පරීක්ෂණවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රි ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය.
මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසුවේ නාලක සිල්වා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට මාරු කිරීම නිසා ඔහු සම්බන්ධයෙන් වන දුරකතන සංවාද පරීක්ෂා කිරීමේදී ගැටලු ඇති විය හැකි බවයි.
මේ අතර චෝදනා එල්ලවී ඇති නාලක සිල්වා අද (18වැනිදා) පොලිස්පති පුජිත් ජයසුන්දර සමග කැලණි රජමහාවිහාරයට ගොස් ඇති බව මන්ත්රි පද්ම උදය ශාන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.