පොලිස්පති පූජිත හෙට දක්වා රිමාන්ඩ්
අද(02) පස්වරුවේ නාරාහෙන්පිට පොලිස් රෝහලේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මීට සුළු වේලාවකට පෙර හෙට(03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මීට සුළු වේලාවකට පෙර පූජිත් ජයසුන්දර මහතා නැවතී සිටින රෝහල වෙත පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව වන අතර නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද සවස අත්අඩංගුවට ගැනුණි.
