පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2000ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය ක්රියාත්මකවන කාලසීමාවේ නීති කැඩූ පුද්ගලයින් 2000ක් දෙනෙක් අද (23) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූල්සථානය සදහන් කළේ යතුරුපැදි සහ ත්රීරෝද ඇතුළු වාහන 450ක් පොලීසිය භාරයට ගත් බවයි.
මාර්ගයේ නිකරුණේ ගැවසීම, මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් සහ සිල්ලර වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත පොලීසිය සදහන් කළේය.
