පොලිස් තනතුරු කීපයක ස්ථාන මාරු වේ
සේවයේ අවශ්‍යතාවය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා සුබසාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකුට, එක් කාන්තා පොලිස් අධිකාරිවරියකට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකුට ඒ අනුව න මාරුවීම් ලබා දී ඇත.
