පොලිස් දීමනා වැඩි කරන චක්‍රලේඛය මූලස්ථානයේ හිරවෙයි
පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු ළඟ නතර වී ඇති බව වාර්තා වේ.
දැනට ලබාදෙන සංයුක්ත දීමනාව දෙගුණ කර ලබාදෙන බව මීට පෙර සඳහන් කළ අතර ජනාධිපතිවරයාද සඳහන් කළේ කඩිනමින් එම දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙසටයි.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන්ට දෛනිකව ලබාදෙන රුපියල් 350 ක දීමනාව 700 ක් ලෙසටත්, පොලිස් සැරයන් සහ උප පරීක්ෂකවරුන්ට ලබාදෙන රුපියල් 400 රුපියල් 800 දක්වාත් පොලිස් පරීක්ෂකවරුන්ට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට රුපියල් 500 සිට රුපියල් දහසක් ලෙසත් දින 24 කට ලබා දීමට නියම කර තිබිණි.
එහෙත් එම වැඩිකළ දීමනාව උපරිම දින 12 ක් දක්වා ලබා දීමට යෝජනා විය. කෙසේ වෙතත් මේ වනතෙක් අදාළ ගෙවීම් සිදු නොවන බව කනිෂ්ඨ පොලිස් නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය නොලැබීම නිසා ගෙවීමට නොහැකි බවයි.
චමින්ද සේනාරත්න