පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරීමට අවශ්‍යයි – ජනපති
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට ඊයේ (21) කොළඹ දී එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු බවයි.
ඊට යම් බාධාවක් තිබේ නම් ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.
අපරාධ මර්දනයේදී සහ බරපතල අපරාධකරුවන් පිළිබදව ක්‍රියා කිරීමේදී මානව හිමිකම්වලට මුවා වී ඇතැම් පිරිස් ඊට එරෙහි කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.