News

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි 23 දක්වා යළි රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) ඇප නියම කර ඇත.