News

පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකුට තුවාල

කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ(16) රාත්‍රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මුලතිව් මුල්ලියාවේලි පොලිසියට අයත් ජිප් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් එලෙස තුවාල ලබා ඇති බවයි.

පොලිසිය පැවසූවේ හැටන්,දික්ඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් තුවාල ලබා කිලිනොච්චිය ‍රෝහලට ඇතුළත් කොට ඇති බවයි. යාපනය සිට නැවත මුලතිව් බලා ගමන්කළ ජිප් රථයක ගැටීමෙන් අනතුර සිදුවි ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය