පොලිසියට බයවෙලා වැවට පැන්න තරුණයෙකු අතුරුදන්
වවුනියාව පොලිසිය විසින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ලුහුබැදීම හමුවේ වවුනියාව වැවට පැනීමෙන් අතුරුදහන් වී ඇත.
මත්පැන් පානය කොට ගමන් කළ යතුරුපැදියක් නැවැත්වීමට යාමේදී යතුරුපැදිකරු පොලිසියට බියෙන් පළාගොස් ඇති අතර , අනතුරුව යතුරුපැදිය දමා තරුණයා වැවට පැන ඇති බව ප්රදේශවාසීන් පවසයි.
මෙම සිදුවීම ඊයේ රාත්රී 12.00 ට පමණසිදු වී ඇති අතර අලුයම තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ප්රදේශවාසීන් පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.