පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරු
තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් දහසකට වැඩි පිරිසකට ද ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මෙම ස්ථාන මාරුවීම්වලින් වැඩි ප්‍රමාණයක් පසුගිය ජනවාරියේදී ලබා දීමට නියෝග නිකුත් කළ අතර පසුව ජනාධිපතිවරයා මේ නියෝගයන් අත්හිටුවා ඇත. කෙසේ වෙතත් එම ලේඛනය සංශෝධනය කර පසුගිය සතියේ ස්ථානාධිපතිවරුන් පනහකට වැඩි පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දුන්නේය.