පොලිසියේ ලොකු පුටු 04ක් හා ස්ථානාධිපතිවරු 04කට ස්ථාන මාරුවීම්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු වීම් සිදු කර තිබේ.
ඒ අනුව, ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකු හා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 4දෙනෙකුගේ සේවා ස්ථාන මාරු කර ඇත.
මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් වන්නේ – ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.ඩබ්.කේ.වීරසේකර මහතා මුලස්ථාන පොලිස් පරීක්ෂක කයිට්ස් සිට මුලස්ථාන පොලිස් පරීක්ෂක අවිස්සාවේල්ලටත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.බී.ප්‍රියන්ත මහතා මාතර කොට්ඨාශයේ සිට වැඩ බලන ස්ථානාධිපති ලෙස කයිට්ස් පොලිස් ස්ථානය වෙතත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්.සමන් ජයලත් මහතා ස්ථානාධිපති පේදුරුතුඩුව සිට ස්ථානාධිපති පර්යේෂණ හා සැලසුම් කොට්ඨාශය වෙතත් ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.එච්.මිල්ලගේ මහතා කැලණිය කොට්ඨාශයේ සිට වැඩ බලන ස්ථානාධිපති පේදුරුතුඩුවටත් මාරු කර යවා ඇත.
එමෙන්ම රාජ්‍ය නිවේදිත නිලධාරීන් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.ඩබ්.ජී.එල්.ගුණතිලක මහතා කොළඹ උතුර කොට්ඨාසය බාර නිලධාරී සිට පොලිස් විශේෂ කාර්ය බලකා නියෝජ්‍ය අණදෙන නිලධාරී ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.යූ.පී.ජයසිංහ මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී සිට කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, පොලිස් අධිකාරී එල්.එම්.සංජීව බණ්ඩාර නිකවැරටිය කොට්ඨාස භාර නිලධාරී සිට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, පොලිස් අධිකාරී ඒ.එල්.යූ.එන්.පී.ලියනගේ බදුල්ල කොට්ඨාසයේ සිට නිකවැරටිය කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර තිබේන බවට වාර්තා වෙයි.