පොලිසියේ සහ යුධ හමුදාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා ජුම්මා යාඥාව පවත්වයි
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා අද (26) දින දිවයිනේ සියළුම මුස්ලිම් පල්ලිවල ජුම්මා යාඥාව නොපත්වන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යයවරයා විසින් ඉල්ලිමක් කර තිබුණි.
එම ඉල්ලිම අනුව වතුකරයේ මුස්ලිම් පල්ලි ගණනාවක අද දින ජුම්මා යාඥාව නොපැවැත්වු අතර හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා ජුම්මා යාඥාව පොලිසියේ සහ යුධ හමුදාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ විනාඩි 30 ට සිමා කරමින් ජුම්මා යාඥාව පවත්වන ලදි.
යුධ හමුදාවේ නිලධරින්ගේ සහ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාවට අමතරව හැටන් ජුම්මා පල්ලිය වටා මුස්ලිම් තරුණයන්ද ආරක්ෂාවට යොදවා සිකුරාදා ජුම්මා යඥාව පැවැත්විණ.
ජුම්මා යාඥාවට පිට පලාත් වලින් පැමිණි කිහිප දෙනෙකු පොලිසිය මගින් පරික්ෂා කිරිමෙන් පසු යඥාවට සහභාගි විමට ඉඩ ලබා දුනි.
හැටන් රංජිත් රාජපක්ෂ