News

පොලිසියේ 08දෙනෙකුගේ වැඩ තහනම්

හලාවත කොට්ඨාස දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් කොස්තාපල්වරු 05ක් පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසීය කටයුතු කර ඇත.

සූදු පොළක් වටලා සැකකරුවන් 20කට වැඩි ප්‍රමාණයක් අතරින් 9ක් අත්අඩංගුවට ගැනීම, සූදු පිටියේ තිබූ මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබූ මුදල් අයථා ලෙස ලබාගෙන දූෂිත ක්‍රියාවක් සිදුකිරීම ආදි චෝදනා යටතේ ඔවුනගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.