News

පෞද්ගලික අංශයට අවම වශයෙන් රැපියල් 2,500 වැටුප් වැඩි කරන්න – ගාමිණී ලොකුගේ

පෞද්ගලික අංශය සඳහා අවම වශයෙන් රැපියල් 2,500 වැටුප් වැඩි කිරීමක් ලබාදීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කම්කරැ ,වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මත්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ බවට ආණ්ඩුව පැවසුවද පෞද්ගලික අංශ වෙනුවෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳ කනගාටුවන බවද එම නිසා වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.