News

පෞද්ගලික බස් ධාවනය හෙට 70%කින් අඩුවෙයි

පවතින සෞඛ්‍ය තත්ත්වය මත මෙරට පෞද්ගලික බස් රථ ධාවනය 25 % දක්වා අඩුවී ඇති බවත් හෙට (17 වැනිදා) දිනය වන විට එය සියයට හැත්තෑවක් පමණ වනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ‘අරුණ’ කළ විමසීමකදී පැවසීය.

බස් රථ තුළ විෂබීජ නාශනය අතීසාරයට අමුඩ ගැසීමක් බව පවසන ඔහු මේ වන විට මගීන්ගේ අඩුවක් දක්නට ලැබීම අශිර්වාදයක් කොට සලකන බවද පැවැසීය.

ඉදිරි සති දෙකේදී මගීන් රියදුරු සහ කොන්දොස්තරවරුද මුඛ ආවරණ භාවිත කරන්නේ නම් අනතුරෙන් තරමක් දුරට වැළකී සිටිය හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය.

බස් රථවල සෙනඟ නොමැති වීම හේතුවෙන් බස් හිමියන්ට ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට ඇතැම් බස් රථ හිමියන් මැසිවිලි නැගුවද ගෝලීය වශයෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පාඩුව දරාගත යුතුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

ශිරනතනී මානවඩු