පෞද්ගලික හා ලංගම බස් ගැටුමෙන් අයෙක් මරුට
වැලිමඩ සිට කැප්පෙටිපොල හරහා බොරලන්ද දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක් හා එම මාර්ගයේම ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක සේවකයින් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යෑම නිසා ගැටුමක් ඇති වී ඇත.
ඇතිවූ ගැටුම අතරතුර පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මරණයට පත්ව ඇත්තේ වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලික බස් රථයේ සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 49 ක් වන බස් රථයේ හිමිකරුය.
මෙම සිද්ධියේදී පුද්ගලික බස් රථයේ කොන්දොස්තර වරයාද තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ ලංගම සේවකයින් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් ලංගම සේවකයින් දෙදෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ වැලිමඩ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
වැලිමඩ – ප්‍රේමලාල් රත්නායක