නවතම ප්‍රවෘත්ති

පෞද්ගලීකරණයට යෝජනා කර ඇති රාජ්‍ය ආයතන බලන්න එකාබද්ධ විපක්ෂය යයි

යහපාලන ආණ්ඩුව මගින් පෞද්ගලීකරණය කිරිමට යෝජනා කර ඇති රාජ්‍ය ආයතනවල තත්ත්වය සොයා බැලීමට එකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් එම ආයතනවල ක්ෂේත‍්‍ර චාරිකා ආරම්භ කර තිබේ.
ඒ අනුව රත්මලාන දුම්රිය වැඩ අංශය පරීක්ෂා කිරීම ස`දහා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ගොස් තිබිණි.
ඉදිරි සතිවලදී එම මන්ත්‍රී කණ්ඩායම තැපැල්, වරාය, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාශංවලට අයත් දෙපාර්තමේන්තුවල හා සංස්ථාවල සංචාරය කිරීමට ද සැලසුම් කර තිබේ.‍