බගවන්තලාව පාසලකට අයත් ඉඩමක ගින්නක් – අක්කර 5ක් විනාශයි
බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද (05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.
පාසලේ ගොඩනැගිවලට ඉහලින් පිහිටි ඉලුක් සහිත ඉඩමේ අද උදසැන 10.30 ට පමණ මෙම ගින්න හටගත් බවයි විදුහල්පතිවරයා පැවසුවේ.
පාසලට අයත් අක්කර 10 පමණ වු ඉඩමේ පැතිර යමින් තිබු ගින්න පාසල් ළමුන් සහ ආචාර්යය මණ්ඩලය එක් ව පාලනය කිරිමට සමත් වි ඇත.
ගින්නෙන් පාසලේ ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු නොමැති බවද විදුහල්පතිවරයා පැවසිය.
රංජිත් රාජපක්ෂ – හැටන්