බණ්ඩාරවෙලදී ලොරි රථයක් දුම්රියක ගැටෙයි
බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11) ලොරි රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරට ලක්වූ ලොරි රථය දුම්රිය මාර්ගයේම සිරවීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ මෙම අනතුර සිදුවීමෙන් පසුව ද පොඩි මැණිකේ දුම්රිය බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ බවයි.
මෙම අනතුර හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
