බත්තරමුල්ල අවට ප්‍රදේශ වලට 23 වැනිදා ජලය නෑ
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයක ලබන 23 වැනිදා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
එම මණ්ඩලය සදහන් කළේ 23 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 සිට 24 වන සිකුරාදා පෙරවරු 6 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි.
ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සදහා මෙම ජලකප්පාදුවන සිදුවනු ඇති.
බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.