News

බද්දේගම වෙළෙඳසලකින් එළවළු කොල්ලකති – බෝංචි, කැරට්, ලූනු අරන් ගිහින්

බද්දේගම කුම්මේ ප්‍රදේශයේ එළවළු වෙළෙඳසලකට ඊයේ (16 වැනිදා) අලුයම ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබුණු එළවළු තොගයක් පැණි බෝතල් හා මුදල් සහිත කාසි කැට තුනක් රැගෙන ගොස් ඇත.

එම වෙළෙඳසල ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසලක වීදුරුව බිඳ එහි එළවළු රාක්කයටද ඇතළුවීමට සොරුන් උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේ විදුලි පහන් දැල්වීම නිසා ඔවුන් පැනගොස් ඇති බවත් පොලිසිය පවසයි.

එළවළු වෙළෙඳසලෙහි තිබුනු රතුලූනු, ලොකු ලූනු, කැරට්, බෝංචි වැනි මිල අධික එළවළු තොගයක් හා අලෙවිය සඳහා තිබී ඇති පැණි බෝතල් ඇතුළු රුපියල් තිස් දහසක වටිනාකමකින් යුතු එළවළු තොගයක් මෙසේ රැගෙන ගොස් ඇත.

බද්දේගම පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දුගේ උපදෙස් පරිදි එහි නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

මහේෂ් ද සිල්වා – බද්දේගම