News

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ

බලංගොඩ පොලිස් වසමේ බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාදා.

අද(05) බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ සීලගම ප්‍රදේශයේදී(කිලෝ මීටර් 155 කණුව) මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර මේ වන විට මෙම මාර්ගය යථා තත්ත්වයට පත්කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.