බදුල්ල – කොළඹ මාර්ගයේ බස්රථ අනතුරක්
බදුල්ල – කොළඹ මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී බස්රථයක් වෙලකට පෙරලී ගොස් තිබේ. අනතුර අද (06) උදෑසන සිදුව ඇත.
අනතුරින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වන අතර අනතුරින් තුවාල ලැබූ පිරිස බදුල්ල සහ දෙමෝදර රෝහල් වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරනවා.