බදුල්ල ප්රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි
ශ්‍රී.ල.නි.ප හා එ.ජා.පය එක්ව හවුල් පාලනයක් ගෙන යන බදුල්ල ප්රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වන අය වැය වැඩි ඡන්ද 13කින් ඊයේ (06) දින සම්මත විය.
2019 වර්ෂය සඳහා වන අයවැය බදුල්ල ප්රාදේශීය සභාවේ වත්මන් සභාපති රම්‍යසිරි මන්තිලක මහතා විසින් ඉදිරිපත් කළේය. පසුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ශ්‍රී.ල.නි.ප යේ මන්ත‍්‍රීවරුන් හය (06) දෙනා සහ එජාප මන්ත‍්‍රීවරුන් හත් (07) දෙනා ඡන්දය ප‍්‍රකාශ කල අතර ජවිපෙ මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
ඒ අනුව බදුල්ල ප්රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා ඉදිරිපත්වූ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මත විය.
බදුල්ල – ජයලත් දිසානායක