බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක
බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් අද(08) දින තම රාජකාරියෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතව සිටී.
රෝහල් අභ්‍යන්තර ස්ථාන මාරුවීම් පිළිබඳව පැන නැගී ඇති ගැටලූවක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.
තම වෘත්තීය සමිතීන්ගන් කිසිදු විමසීමක් සිදු නොකර රෝහල් බළධාරීන් සිය හිතුමතේට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් සිදුකරන බවත් එම තත්වය නිසා රෝහලේ දෛනික රාජකාරීන් සිදු කිරීමේදී ගැටලූ පැන නැගී ඇති බවයි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ.
ක්ෂණිකව තම රාජකාරීන්ගෙන් ඉවත් කර වෙනත් රාජකාරීන් පැවරීමේදී ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය වීමට කෙටි කලක් ගතවන බැවින් එම නිසා රෝහලේ වාට්ටුවල දෛනික රාජකාරීන්ට බාධා පැන නගින බවත් ඒ තුලින් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද අපහසුතාවයන්ට මුහුන දෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔවුන් රෝහල් බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී තම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමග සාකච්ඡුා කොට සුදුසු පරිදි අදාල ස්ථාන මාරුවීම් සිදු කරන ලෙසයි. මෙම තත්වයට නිසි විසඳුමක් ලබාදෙන තුරු මෙම වැඩ වර්ජනයේ නිරතවන බවයි සේවකයින් පවසන්නේ.
බදුල්ල – ජයලත් දිසානායක