බන්ධනාගාරයට තහනම් භාණ්ඩ යැවූ අලුත් ක්රමය
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට දර සපයන ලොරි රථය යොදාගනිමින් තහනම් භාණ්ඩ බන්ධනාගාරයට යැවීමට ගත්උත්සාහය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ.
ලද තොරතුර අනුව ක්රියාත්මක වූ නිලධාරීන් අද පස්වරු 3.30ට පමණ මෙහෙයුම සිදුකර ඇත.
මෙහිදී බන්ධනාගාරයට දර සපයන ලොරියේ ඇතුලත තිබූ විශේෂයෙන් සකස් කරන ලද කොටසක සඟවා සුරුට්ටු 570ක්, ජංගම දුරකථන 7ක්, චාජර් 3ක් සහ ඩේටා කේබල් 3ක් සොයාගෙන තිබේ.
මෙය බන්ධනාගාර ඉතිහාසයේ මෙලෙසින් තහනම් භාණ්ඩ රැගෙනයාමට උත්සහ කළ පළමු අවස්ථාව ලෙසද වාර්තා වී ඇත.
ලොරියේ රියදුරා අඟුණකොලපැලැස්ස පොලීසියට භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ අඟුණකොලපැලැස්ස පොලීසිය විසින් සිදුකරයි.