බන්ධනාගාර ආරක්ෂාවට තවම පරණ ගිනි අවි
බන්ධනාගාර ආරක්ෂාවට ඇති යල්පැන ගිය ගිනි අවි වෙනුවට අලුතින් ගිනි අවි ලබාගැනීමට කළ යෝජනා පාස්කු ප්‍රහාරය මුල් කරගෙන කාලයක් තිස්සේ පස්සට ඇදී යන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ටී-56 ගිනි අවි හා මිලිමීටර් නවයේ ගිනි අවි ඉල්ලා ඇතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අවි ආයුධ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම නිසා ආයුධ ලබාගැනීමේ ප්‍රමාද සිදුවී ඇත.
මීට පෙර බන්ධනාගාරයට ඇණවුම් කරන ලද මිලිමීටර් නවයේ පිස්තෝල තිහකින් පහළොවක් පමණ මෑතකදී මුදාහැර ඇතත් ආරක්ෂාවට අවශ්‍ය ගිනි අවි ප්‍රමාණවත් නොවන බව බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
