බඹර ප්‍රහාරයකින් 8දෙනෙක් රෝහලේ
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) උදැසන 9 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තේ පදුරක් මත බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සිමෙන් මෙම බඹර ප්‍රහරය එල්ල වී තිබේ.