බලපත්ර නොමැතිව මැණික් ගැරු අයෙක් අත්අඩංගුවට
බගවන්තලාව බ්රිඩ්වෙල් වතුයාය ප්රදේශයේදී බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සමඟින් බවගවන්තලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවෙකු වන අතර අද දින හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.