බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
බලපිටිය ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අද පැවැත්වුණු අතර එහි උණුසුම් කාරී තත්ත්වයක් හටගෙන ඇත.
ඒම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ සභාපති සමන් ද සිල්වා ඇතුළු මන්ත්‍රීන් කණ්ඩායම කළු පටි පැලඳ සභාවට ඇතුළු වෙනවාත් සමඟ කළු ඇඳුමින් සභා වාරයට පැමිණ සිටි එජාප මන්ත්‍රීවරුන් රජයට විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණ බව ආරංචි මාර්ග පවසයි.
මෙම උණුසුම් තත්ත්වය විනාඩි 40ක පමණ කාලයක් පැවති අතර පසුව සභාවේ වැඩ කටයුතු සමාන්‍ය පරිදි ආරම්භ කර ඇති බවටද වාර්තා වනවා.