බවුසර් සහයක ඛණිජ තෙල් සංස්ථාවේ නිල නිවසක සිට ජයටම ගංජා- හෙරොයින් විකුණලා මාට්ටු
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි ඉන්ධන ගබඩා පර්යන්තයේ සේවකයින්ට ගංජා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඛෙදා හරිනු ලැබු ප්‍රධාන ජාවාරම්කරු සහ ඔහුගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය මිගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිඛේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කාකදුපත හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රථ සහයකයෙකු ඇතුලු දෙදෙනෙකි.
සැකකරුවන් සතුව තිබී විදේශිය දුම්වැටි 280 ක් කේරළ ගංජා ග්‍රෑම් 300 ක් හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 44 ක් සොයාගෙන ඇත.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල නිවාසයක නැවතී සිට මෙම ජාවාරම් මෙහෙයවා ඇති බවත් සැකකරුවන් විසින් රජයේ එම නිල නිවාසය වෙනත් අයෙකුට කුලියට ද ලබා දී ඇති බවත් විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිඛේ.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිඛේ. විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජේ්‍යෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ ඍජු අධීක්ෂණයෙන් වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිඛේ.
හේමන්ත ලියනපතිරණ
