බස්නාහිර අලුත් කර්මාන්ත ඇරැඹීමට හිස් ඉඩම් නෑ
බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයන් 150 ක් ඉල්ලුම් කර ඇතත් පළාතේ කර්මාන්තපුරවල හිස් ඉඩම් කට්ටි නොමැති වීම නිසා කර්මාන්ත ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුර සංඛ්‍යාව 32 කි. ඉන් අටක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුවද, නව ආයෝජකයන්ට කර්මාන්ත ඇරඹීම සඳහා ලබා දීමට තරම් ප්‍රමාණවත් හිස් ඉඩම් කට්ටි නොමැති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මීට පිළියමක් ලෙස කළුතර කර්මාන්ත පුරය පුළුල් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
වර්තමානයේ ආයෝජකයන් 33 ක් මෙහි කර්මාන්තශාලා ආරම්භ කර තිබේ. කර්මාන්ත පුරයට යාබදව පිහිටා ඇති හෙක්ටයාර් 1.946 ක ඉඩම් කොටසද කර්මාන්ත පුරයටම ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. එම ඉඩම සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් වැයවන බවද අමාත්‍යාංශය පවසයි.
උදයජීව ඒකනායක