බස්නාහිර පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි ලබන 15 වැනි සිට යළි ඇරඹෙයි
බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අප්‍රේල් මස 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බස්නාහිර පළාතේ පාසල්වල 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සදුදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
1 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් 12 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 19 වැනිදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.