News

බස්නාහිර සියලු පාසල් ඇරඹීම ලබන සතියේ

බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 29 වන දා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් ය. මින් පෙර බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අප්‍රේල් මස 19 වන දා ඇරඹීමට සැලසුම් කර තිබුණි.

පසුගිය මාර්තු 15 වන දින සිට බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ විය.

මේ අතර බස්නාහිර පළාතේ පෙර පාසල් ද ලබන සදුදා (29) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්යාපන අමාත්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය.