තෙලදින්නවැව බස් රථයක් ඇළකට පෙරළේ
දඹුල්ල ගල්කිරියාගම මාර්ගයේ තෙල්දින්න වැව ප්‍රදේශයේ බස් රථයක් ඇලකට පෙරළී සිදුවූ බස් අනතුරින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
බස්රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරලී අද (06) අනතුර සිදුව ඇත.
බස්රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ එම බස් රථය එක්වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරලුන බවය.
ප්‍රදේශ වාසීන් ගේ සහය ඇතිව බස්රථයේ සිරව සිටි මගීන් ගොඩට ගෙන රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කර තිබේ. එම පිරිසෙන් පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත .
තුවාල ලැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.