News

බස් රථයක් දුම්රියක ගැටෙයි

තලෙයිමන්නාරම ජැටිය අසලදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් මන්නාරම රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

අදාළ බස් රථයේ සිටි වැඩිදෙනෙකු පාසල් සිසුන් වන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.