බහින්බස්වීමක් දුරදිග ගිහින් පහර කෑ අයෙක් මරුට
ගන්දර පොලිස් වසමේ පහළ ගෙදර තලල්ල ප්රදේශයේ දී පුද්ගලයෙක් පහර දී ඝාතනය කර තිබේ. පහර කෑමට ලක්වු පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72 ක් වු ගන්දර ප්රදේශයේ පදිංචි ජෝතිමුණි ගුණතිලක නම් පුද්ගලයෙකි.
මරණකරු අසල්වැසි ඥාති අඹුසැමි යුවලක් සමඟ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති කර ගත් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 53 ක් වු පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 46 ක් වු ඔහුගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් අඹුසැමි යුවල හෙට(01) දින මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.