බහුතරයේ මතය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි
බහුතරයේ මතය සැමවිටම ක්‍රියාත්මක කිරීමට ගියහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියි.
ඊයේ (21) පැවති උත්සවයකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළ විට බහුතරයකගේ මතය ක්‍රියාත්මක කළ යුතු බව බොහෝ පිරිසක් සිතා සිටියද සුළුතරයට අගතියක් නොවන සේ බහුතරයේ මතය ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුල භේදය, ආගම් භේදය, ජාති භේදය ආදිය ලෙස පාලකයන් විසින් බෙදා වෙන්කොට පහසුවෙන් පාලනය කිරීම සඳහා ජනතාවගේ සිත් තුළට ඇතුළත් කර ඇති දෙයක් බවය.