බහුතරේ නැති නිසා අයවැය ජයග්‍රහණය කරන එක අභියෝගයක් – මරික්කාර්
බහුතරයක් නොමැති බැවින් අය වැය ජයග්‍රහණය කර ගැනීම අභියෝගයක්ව පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමෙන්තුව තුළ රජයක් ලෙස 113 නොමැති වීම හේතුවෙන් අය වැය ජයග්‍රහණය කරීම අභියෝගයක් වන අතර මන්ත්‍රීවරයා පවසයන්නේ එක් වැය ශිර්ෂය පරාජය කර සමස්ථ අයවැය ජයග්‍රහණය කිරීම දුෂ්කර ක්‍රියාවක් බවය.